විදුහල අපේ
වැජඹේවා ඉබ්බාගමු විදුහල අපේ //
ඕලු නෙළුම් පිපුණ විලින් ඈත පෙනෙන කඳු හෙලින් //
හමා එන මඳ සුළඟේ ඇසේ කිරල් සේරුන්ගේ
රාව සංගීතේ..........
වැජඹේවා ඉබ්බාගමු විදුහල අපේ //
සුසිරි කුසුම් පැළඳ අපි සොයුරු පෙමින් බැඳී වෙලී
ගුණ ගීතා ගයම් ඔබේ පෙම්බර මාතා //
ඔබ අප හැමගේ මෑණී නව ජීවන ගෙන දෙමිනී //
දිගන්තරේ පැතිරේවා වීර දූ පුතුන් තනමින් ඔබ ගුණ රාසී //
වැජඹේවා ඉබ්බාගමු විදුහල අපේ //
පෙරපර දෙදිගේ භාෂා ගණිත මිණිත දහම් පෙළා
රසායනද අත්සිත්කම් ගොවිකම් හා ගීත කලා //
ඉගෙන ගනිමු අපි සැවොමා සෑමදිනේ වී නොපමා //
ගතින් සිතින් හා කිරියෙන් පුරුදු පුහුණු වෙමු යන්නට
දියුණුවේ මගේ
වැජඹේවා ඉබ්බාගමු විදුහල අපේ //
ඉදිරියටම යමුව සැමෝ අපේ ධජය නගාලමෝ
යුතුකම් දිවි පුදා රකිමු සතර අගති බැහැරලමෝ //
එක පාටැති රුධිරය වේ එක මවගේ දරුවෝ වම් //
ගුණින් නැණින් දියුණු වෙමින් අප විදුහල් මවට පතම්
දිගා ආසිරි
වැජඹේවා ඉබ්බාගමු විදුහල අපේ //





