"ගවේශා"විද්‍යා දින සැමරුම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • දෙගුරුන් නැමද උදෑසන 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • නිල ඇඳුම අපේ අනන්‍යතාව හෙළි කරයි. ඒ නිසා ඔබ නියමිත ප්‍රමිතියට සකස් වී දිනපතා පාසලට පැමිණිය යුතුය. පාසල තුළදී මෙන්ම බස් රථවලදී හෝ බැහැර දී ද නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතු බව මනාව වටහා ගෙන කටයුතු කළ යුතුය.
  • ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වන ඔබ පළමුවෙන්ම බුදු මැදුරට නමස්කාර කළ යුතු වේ.
  • උදෑසනින් ම හමුවන ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දෑත් එක්කොට මුළු හදවතින්ම සුභ උදෑසනක් / Good Morning යනුවෙන් ප්‍රාර්ථනා කිරීම අපේ සම්ප්‍රදායක් වේ.
  • දෛනිකව පන්ති කාමරය සහ පන්තිය අවට පිරිසිදු කළ යුතුය.
  • පළමුව සීනුව නාද වීමත් සමඟ ම පන්තිවලට යා යුතුය. ප්‍රධාන රැස්වීම පවත්වන දිනවල දී දෙදෙනා බැගින් පේළි සෑදී අදාළ ස්ථානය කරා යා යුතුය. 
  • (රැස්වීම ‌නොමැති) සාමාන්‍ය දිනවල දී දෙවන සීනුව නාද වන විට සියලුම දෙනා පන්ති කාමරවල නිශ්ශබ්දව සිටිය යුතුය.
  • පන්සිල් ගැනීම / පාසල් ගීය ගායනා කිරීම / ඡත්ත මානවක ගාථා ගායනා කිරීම / ජාතික ගීය ගායනා කිරීම සියලු දෙනා එක්ව කළ යුතු වේ.
  • සුදුසු ඉරියව්වකින් (වාඩි වී දෑත් එක්කොට දෙකකුල් මත තබා හිස සෘජුව තබා) භාවනා කළ යුතුය.
  • ප්‍රවෘත්ති / නිවේදන ඉදිරිපත් කරන අවස්ථාවලදී නිශ්ශබ්දව සවන් දිය යුතුය.
  • ආපන ශාලාව සහ සමූපකාරය පාසල ආරම්භ වීමට පෙර හා විවේක කාලයේ දී පමණක් භාවිතා කළ යුතුය.
  • විද්‍යාගාරයට / පුස්තකාලයට / කාර්යලයට හෝ වෙනත් ස්ථානයක් කරා යන විට පන්ති මට්ටමින් දෙදෙනා බැගින් පේළියට යා යුතුය.
  • ආපන ශාලාවට / වැසිකිලියට හෝ වෙන යම් ස්ථානයකට යන සෑම විටකදී ම පන්ති අවසර පත්‍රය භාවිතා කළ යුතුය.
  • පන්ති කාමරයෙන් බැහැර දී ගුරු මෑණිවරුන්ට පියවරුන්ට කථා කිරීම ආරම්භ කරන විට දෑත් එක්කර අවසර ගත යුතුය.
  • පන්තියෙන් බැහැර සිට පන්තියට පැමිණෙන විට දී ඉගැන්වීම් කරන්නේ නම් දෑත් එක්කොට ගුරුවරයාගෙන් අවසර ‌ගෙන පන්තියට ඇතුළු විය යුතුය.
  • විවේකය / පාසැලේ දෛනික කටයුතු අවසන් වීමට පසු සීනු නාද වන විට කරන සියලුම කාර්යයන් නවතා දෙදෙනා වශයෙන්  (දුවන්නේ නැතිව) ඉක්මනින් පේළියට පන්තියට පැමිණිය යුතුය.
  • අපට අයිති නැති පාර්සලයක් / භාණ්ඩයක් / මුදලක් / පොත් පත් ආදිය ලැබුණොත් , අපේ නම , පන්තිය සටහන් කොට කාර්යාලයට භාර දිය යුතු වේ.
  • අක්කා , අයියා , නංගී , මල්ලී යනුවෙන් එකිනෙකා කෙරෙහි සහෝදරත්වයෙන් ඇමතීම කළ යුතුය.
  • කිසියම් වරදක් සිදුවූයේ නම් ඕනෑම අයෙකුගෙන් නිහතමානීව සමාව ගත යුතු වේ.
  • පන්තියේ / අංශයේ / පාසලේ අපේම අයෙක් වරදට යොමුවන්නේ නම් කාරුණිකව පහදා දී වරදින් මුදවා ගත යුතුය. එසේ කිරීමට නොහැකි නම් පමණක් උපදේශනය සඳහා ගුරු මෑණිවරුන්ට / පියවරුන්ට යොමු කළ යුතු වේ.
  • කාර්යාලයෙන් කර ගැනීමට ඇති අවශ්‍යතාවකදී හැර කාර්යාලය ඉදිරිපිට කොරිඩෝවේ ගමන් කිරීමෙන් වැළකිය යුතුය.
  • මල් පාත්ති , මල් පෝච්චි , මල්ගස් හොඳින් නඩත්තු කළ යුතුය. විනාශ නොකළ යුතුය.
  • ආරක්ෂා කරමින් , ගමන් කිරීමට වෙන් කර ඇති කොටස් වලින් පමණක් එහා මෙහා ගමන් කළ යුතුය. 
  • පූජා කිරීම සඳහාත් , වාස්වවලට දැමීම සඳහාත් පන්ති මට්ටමෙන් මල් නිවෙස්වලින් රැගෙන ආ යුතු වේ. පාසලේ ඇති මල් , පලතුරු , තැඹිලි ආදිය කැඩීමෙන් වැළකිය යුතුය.
  • පොලිතීන් භාවියෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය.
  • බිත්තිවල / වැසිකිළිවල / ඩෙස් මත හෝ වෙනත් ස්ථානවල අනවශ්‍ය දෑ ලිවීමෙන් වැළකිය යුතුය. නිර්මාණාත්මක දෑ අදාළ දැන්වීම් පුවරුවලට / බිත්ති පුවත්පතට යොමු කළ යුතුය.
  • පෙළපොත් නිසි පරිදි භාවිතා කොට ඊලඟට එන නංගිලා මල්ලිලාට දීමට පරිස්සම් කළ යුතු වේ. සටහන් පොත් ක්‍රමත්ව තබා ගත යුතුය. 
  • අයිස් පැකට් , ටොෆි දවටන , මුරුක්කු පැකට් ආදිය පාසල තුළ දැමීමෙන් වැලකී සිටිය යුතුය. එවන් දවටනයක් පාසල් භූමියේ දුටු විගසම අහුලා ඉවත් කළ යුතුය.
  •  ප්‍රධාන රැස්වීමක දී , ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හෝ වෙනයම් සමූහයක් ඉදිරියේදී නිශ්ශබ්දව එම අවස්ථාවට අවධානයෙන් සිටීමෙන් විදුමව්ගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වේ.
  • මානව දයාව උතුම් මිනිස් ගුණාංගයක් ලෙස සැලකිය යුතුය. එහෙත් ශිෂ්‍යභාවයට නොගැලපෙන සම්බන්ධතා අනවශ්‍ය දෙයක් බව දැන අධ්‍යාපනයට මුල් තැන දිය යුතුය.
  • ක්‍රීඩා පිටියට ගොස් විනීතව ක්‍රීඩා කොට වින්දනයක් ලැබිය යුතුය. ජය ලබමු. අනවශ්‍ය පරිදි විසිල් ගැසීම් / හූකීම් ආදියෙන් වැළකිය යුතුය.
  • පාසලේ සිටින ගුරු මෑණිවරුන් , පියවරුන් සියලු දෙනාගේම නම් දැන ගනිමින් සැමට එක සේ ගරු කළ යුතුය.
  • පිරිත / දානමය පුණ්‍යකර්මය වැනි විෂය සමගාමී කාර්යයන්හි නිරත වෙමින් යහපත් පුරවැසියෙකු සතු වගකීම් හඳුනාගෙන කටයුතු කළ යුතුය.
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ද ගරු කරමින් ඒ අයගෙන් නිසි සේවාවන් ලබා ගත යුතුය.
  • ආපනශාලාව භාවිතයේදී අපට අදාළ ස්ථාන පමණක් භාවිත කළ යුතුය.
  • ශිෂ්‍ය නායක / පන්ති නායක / නිවාස නායක / විෂය නායක ආදී අපේ සහෝදර සහෝදරියන්ගේ යෝජනාවලට නම්‍යශීලීව එකඟ වී කටයුතු කළ යුතුය.
  • කොට්ඨාස / කලාප ආදී වූ බාහිර පාර්ශවයන් සමඟ ක්‍රීඩා කරන විට දී හෝ එම ක්‍රීඩා තරඟ පවත්වන විට දී විදුමෑණියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.
  • කාලච්ඡේද අතරතුර / ගුරුභවතෙකු පැමිණෙන තෙක් අනවශ්‍ය ඝෝෂා කිරීම් වලින් වැළකී , අදාළ කාලච්ඡේදය සඳහා සූදානම්ව සිටිය යුතුය. (අනවශ්‍ය ඝෝෂාවක් වූ බව පෙන්වීමක් බව දැනගත යුතුය.)
  • පාසලේ භෞතික සම්පත් ඉදිරි පරම්පරාවන්ට ද අයත් වන නිසා ඒවා පරිහරණයේදී දැඩි අවධානයකින් කටයුතු කළ යුතුය
header