ඉබ්බාගමුව මධ්ය විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය දින කිහිපයකට පෙර පැවති වයඹ පළාත් කදවුරට සහභාගි වී සමස්ථ ශිෂ්‍යභට බලකායේ සියලු ඛණ්ඩ අතරින් ඉහල ලකුනු ලබාගෙන 2023 හර්මන්ලෝස් අභියෝගතා කුසලානය සදහා සහභාගි වන දිවයිනෙන්ම ඉතාමත් අතලොස්සක් වූ ශිෂ්‍යභට ඛණ්ඩ අතරට තේරී පත් වී ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.
පුවත් හා විශේෂ අවස්ථා
ජාතික ශිෂ්‍යභට බලකාය හර්මන්ලෝස් අභියෝගතා කුසලානය 2023
වසර ගනනාවක පසු බෑමෙන් පසු අත්දැකීම්වලින් ඉතාමත් අඩු ආධුනික නිලයන්ගෙන් සමන්විත ශිෂ්යභට ඛණ්ඩයක් නොයෙක් බාධක මැද නැවතත් 1964 සිට පැවත එන ඉබ්බාගමුව මධ්ය විද්යාලීය අභිමානවත් ශිෂ්යභට ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට සමත්වීම සැබවින්ම ඉතාමත් සතුටුදායක කරුණකි.
වසර 5 කට පසු ජාතික මට්ටමේ කදවුරක් සදහා සුදුසුකම් ලැබූ අප විද්යාලීය ශිෂ්යභටයින්ට ජා. ශි. බ. රන්ටැඹේ පුහුණු මධ්යස්ථානයේදී දිවයිනේ අනෙක් පාසල් පසුකරමින් ඉබ්බාගමු මැදි විදුහල් ධජය පෙරටු කොට ජයකෙහෙලි නැංවීමට අපගේ උණුසුම් සුභපැතුම් 


වැජඹේවා ඉබ්බාගමු විදුහල අපේ 





